Published
ඊසානදිග මෝසම සක්‍රීය වීමත් සමග දිවයිනේ පළාත් කිහිපයකට මේ වන විටත් වැසි ඇදහැළෙමින් තිබෙනවා.
උතුරු පළාත ඒ අතරින් ප්‍රධානයි.
යාපනය ප්‍රදේශයට ගතවූ පැය 24දී මිලිමීටර් 150කට ආසන්න වැසි ඇදහැළී තිබෙනවා.
උතුරුමැද පළාතේ ස්ථාන කිහිපයකටද වැසි ඇදහැළි ඇති බවයි වාර්තා වන්නේ.
මෙම වැසි හේතුවෙන් යළි ගංගාවල ජල මට්ටම වැඩි වෙයිද?
මේ, වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජලවිද්‍යා හා ආපදා කළමනාකරණ ඒකකයේ අධ්‍යක්‍ෂ ඉංජිනේරු එල් එස් සූරියබණ්ඩාර මහතා.
ජලාශවල වාන් දොරටු වසා දමා ඇතිදැයි මෙහිදී විමසීමක් කළා.
මේ අතර, මීගහකිවුල, මොරහෙල, බෝගහපතන ප්‍රදේශයේ නායයෑමක් සිදුව තිබෙනවා. කෙසේවෙතත් එම නාය යෑමෙන් ජීවිත හානි කිසිවක් වාර්තා වී නොමැති බවටයි වාර්තා වන්නේ.


