Published
මොරටුව තැපැල් කාර්යාලයේ සේවකයින් අද නිහඬ විරෝධතාවකට එක්වුණා.
ඒ, මොරටුව තැපැල් කාර්යාලය ඉදිරිපිටදීයි.
සිය තැපැල්කරුවෙකුට කළ පහර දීමකට අදාළව පොලීසිය නිසි ලෙස නීතිය ක්‍රියාත්මක නොකරන බවට චෝදනා කරමින් ඔවුන් එලෙස විරෝධතාවයේ නිරතවූ බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.
අදාළ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ ප්‍රමාද වී බවද තැපැල් සේවකයින් චෝදනා කළා.