Published
රුසියාවේ මොස්කව් අගනුවර සිදුවූ බෝම්බ පිපිරීමකින් එරට හමුදාවේ ජෙනරල්වරයෙකු මිය ගොස් තිබෙනවා.
කාර් බෝම්බයක් පුපුරා යාමෙන් ලුතිනන් ජනරාල් ෆැනිල් සර්වරොව් නමැති හමුදා නිලධාරියෙකු එලෙස මියගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ.
සර්වරොව් ගමන් ගත් මෝටර් රථයේ යට අටවන ලද යමක් පුපුරා යාමෙන් ඔහු මියගොස් ඇති බවයි සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය කරන රුසියානු බලධාරීන් පවසා ඇත්තේ.
එම පුපුරවා හැරීම යුක්‍රේන බුද්ධිඅංශවල මැදිහත් වීමකින් සිදුව ඇත්දැයි විමර්ශන සිදු කරන බවද රුසියානු විමර්ශන නිලධාරීන් පවසා තිබෙනවා.
කෙසේවෙතත් යුක්‍රේනය ඒ සම්බන්ධයෙන් මෙතෙක් ප්‍රතිචාර දක්වා නැහැ.




