හලාවත කොස්වත්ත ප්‍රදේශයේදී මෝටර් රථයක් රත්මල් ඔයට පෙරළීමෙන් දෙදෙනෙකු මිය ගොස් තිබෙනවා.

නාරවිල සිට සන්දනන්ගම දෙසට ධාවනය වූ මෝටර් රථයක් එලෙස අනතුරට ලක්ව ඇති බවයි පොලීසිය පැවසුවේ.

එම අනතුරෙන් මිය ගොස් ඇත්තේ මාරවිල, බණ්ඩාරපුර ප්‍රදේශයේ පදිංචිව සිටි 41 හැවිරිදි කාන්තාවක් සහ 40 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්.