පසුගියදා මෝදර පොලිස් වසමේ අලුත් මාවත ප්‍රදේශයේ තිබී සොයා ගන්නා ලද අත් බෝම්බ 10 ක් සම්බන්ධයෙන් රජයේ රස පරීක්ෂක වාර්තාවක් කැඳවන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ පොලිසියට නියම කර තිබෙනවා. මෝදර පොලිසිය විසින් කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුව කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ඕෂද මිගාර මහාරච්චි මහතා මෙම නියෝගය නිකුත් කළා. මෙම සිද්ධියට සම්බන්ධ සැකකරුවන් අනාවරණය කර ගැනීම සඳහා සීසී ටීවී දර්ශන ඔස්සේ වැඩිදුර විමර්ශන සිදු කරන බවත් පොලිසිය අධිකරණයට දන්වා සිටියා. පොලිසිය කළ ඉල්ලීමක් පිළිගත් මහේස්ත්‍රාත්වරයා අදාල අත් බෝම්බ නිෂ්ක්‍රිය කිරීමට අවසර දුන් අතර ඒ පිළිබඳ රජය රස පරීක්ෂක වාර්තාවක් කැඳවන ලෙසත් නියෝග කළා. ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයට ලැබුණු තොරතුරක් මත විශේෂ පොලිස්‌ කණ්ඩායමක් විසින් මෙම අත් බෝම්බ අත්අඩංගුවට ගෙන තිබුණා.