ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි චීනයට පැමිණ තිබේ. සිය දෙදින ජපන් නිල සංචාරය සාර්ථකව අවසන් කරමින් ඔහු චීනයට පැමිණියේය. චීනයේ පැවැත්වෙන ෂැංහයි සහයෝගිතා සංවිධානයේ රාජ්‍ය නායක සමුළුවට සහභාගී වීම ඉන්දීය නායකයාගේ මෙම චීන සංචාරයේ අරමුණයි. මෙම සමුළුවට සමගාමීව ඔහු චීන ජනාධිපති ෂී ජින්පින් සහ රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් ඇතුළු නායකයින් කිහිපදෙනෙකු සමග ද්විපාර්ශවික සාකච්ඡා සඳහා සහභාගී වනු ඇත. 25 වැනි SCO සමුළුව සඳහා චීනයේ ටියැන්ජින් නුවරට පැමිණි අගමැති නරේන්ද්‍ර මෝදි උණුසුම් ලෙස පිළිගනු ලැබුවේ රතු පලස මතින් වීම විශේෂත්වයකි. එමෙන්ම ඔහු එහිදී චීනයේ සිටින ඉන්දීය ප්‍රජාව ද හමුවිය.