ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සිකුරාදා සිය සංචාරය අතරතුර ටිනිඩෑඩ් සහ ටොබැගෝ හි ඉහළම සිවිල් සම්මානයෙන් පිදුම් ලැබීය.
අග්‍රාමාත්‍යවරයාට එලෙස පිරිනමා ඇත්තේ “The Order of the Republic of Trinidad & Tobago’ සම්මානයයි.
එම සම්මානයෙන් පිදුම් ලැබීමට ලැබීම තමන්ට ඉමහත් ගෞරවක් බව මෝදි පැවසීය.
එමෙන්ම ඔහු පෙන්වා දුන්නේ කෝටි 140ක ඉන්දියානුවන් වෙනුවෙන් තමන් එය පිළිගන්නා බවයි.
ට්‍රිනිඩෑඩ් සහ ටොබැගෝ හි අගමැතිනි කම්ලා පර්සාඩ්-බිස්සෙසාර්, සාම්ප්‍රදායික ඉන්දියානු ඇඳුමින් සැරසී, ඇගේ මුළු කැබිනට් මණ්ඩලය සමඟ, පියාර්කෝ ජාත්‍යන්තර ගුවන්තොටුපළේදී අගමැති මෝදි පිළිගත්තාය.
කුඩා දූපත් රාජ්‍යයේ ජනගහනය ඇත්තේ ගෝවටත් වඩා අඩු 13 ලක්ෂයක පිරිසකි.
ඔවුන්ගෙන් සියයට 45ක් ඉන්දියානු සම්භවයක් ඇති අයයි.
ඔවුන්ගේ මුතුන් මිත්තන් බොහෝ දෙනෙක් යටත් විජිත ඉන්දියාවේ සිට ගිවිසුම්ගත කම්කරුවන් ලෙස පැමිණ මෙහි පදිංචි වූහ.