සිය බ්‍රසීල සංචාරය සාර්ථකව අවසන් කළ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි නැමීබියාවේ සංචාරයක නිරත විය.
එහිදී ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ‘Order of the Most Ancient Welwitschia Mirabilis’ සම්මානයෙන් පිදුම් ලබා තිබේ.
එය නැමීබියාව රාජ්‍ය නායකයෙකුට පිරිනමන ඉහළම සිවිල් සම්මානයයි.
අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීම සඳහා කළ දායකත්වය අගයමින් නැමීබියාව මෙම සම්මානය පිරිනමා ඇතැයි ඉන්දීය ජනමාධ්‍ය වාර්තා කර තිබේ.
2014 වසරේදී ඉන්දියාවේ බලයට පත්වීමෙන් අනතුරුව මෙය අග්‍රාමාත්‍ය මෝදිට ලැබුණු 27 වැනි ගෞරව සම්මානයයි.
ඒ සම්බන්ධයෙන් ඉන්දීය අග්‍රාමාත්‍යවරයා නැමීබියානු රජයට සහ ජනතාවට සිය කෘතඥතාව පළ කළේය.
මෙම ගෞරවය ඉන්දියාව සහ නැමීබියාව අතර සදාකාලික මිත්‍රත්වයට සාක්ෂියක් බව ද ඔහු පැවසීය.
ඉන්දියාව සහ නැමීබියාව ඔවුන්ගේ නිදහස් අරගලයේ සිටම එකිනෙකා සමඟ සිටි බව ද මෝදි එහිදී සිහිපත් කළේය.