රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් ද ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි වෙත විශේෂ සුබ පැතුමක් එක් කර තිබේ.

ඒ අනුව මෝදි වෙත දුරකතන ඇමතුමක් ලබා දෙමින් පුටින් පවසා ඇත්තේ නවදිල්ලිය සහ මොස්කව් අතර ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීමට ඔහු දැක්වූ දායකත්වය අගය කරන බවයි.

ඉන්දීය රජයේ ප්‍රධානියා ලෙස සිදු කළ සේවය වෙනුවෙන් නරේන්ද්‍ර මෝදි හට ඉන්දීය වැසියන්ගෙන් ඉමහත් ගෞරවයක් සහ ජාත්‍යන්තර තලයේ ඉමහත් කීර්තියක් ලබා දී ඇතැයි ද පුටින් පවසා තිබේ.

එමෙන්ම මෝදිගේ මගපෙන්වීම යටතේ ඉන්දියාව සමාජ, ආර්ථික, විද්‍යාත්මක සහ තාක්‍ෂණික ක්ෂේත්‍රවල ආකර්ෂණීය ප්‍රතිඵල අත්කර ගෙන ඇතැයි ද පුටින් පවසා ඇත.

නවදිල්ලිය සහ මොස්කව් අතර ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීම සඳහා අගමැති මෝදි දරන උත්සාහය අගය කළ රුසියානු ජනාධිපතිවරයා රටවල් දෙක අතර සමීප මිත්‍රත්වය අගය කරන බව ද පැවසීය.