Published
සිය දෙදින නිල සංචාරය අරඹමින් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි බ්‍රිතාන්‍ය බලා පිටත්ව ගොස් තිබේ.
ඒ අනුව අද දිනයේ බ්‍රිතාන්‍යයට ළඟාවීමට නියමිත ඉන්දීය අග්‍රාමාත්‍යවරයා අද සහ හෙට ද්විපාර්ශවික වශයෙන් වැදගත් රැස්වීම් සහ අවස්ථා කිහිපයක් සඳහා එක්වීමට නියමිතයි.
ද්විපාර්ශවික සබඳතා වර්ධනය අග්‍රාමාත්‍ය මෝදිගේ මෙම බ්‍රිතාන්‍ය සංචාරයේ ප්‍රධාන අරමුණයි.
එම සංචාරයේදී සිදුකෙරෙන වැදගත්ම කර්තව්‍ය වන්නේ බොහෝ කාලයක් දෙපාර්ශවය බලා සිටි ඉන්දු – බ්‍රිතාන්‍ය නිදහස් වෙළඳ ගිවිසුම සඳහා අත්සන් තැබීමයි.
එම ගිවිසුමට එලඹීම සඳහා දෙපාර්ශවය අතර වසර 03 ක් පුරා සාකච්ඡා පැවති අතර ගිවිසුම අනුව ඉන්දියාවෙන් බ්‍රිතාන්‍යට සිදුකරන අපනයන සඳහා වන තීරු බදු 99% ක් ඉවත් වන අතර ඉන්දියාවට ආනයනය කෙරෙන බ්‍රිතාන්‍ය භාණ්ඩ සඳහා වන තීරු බදු 90% කින් අඩුවනු ඇත.