Published
යටිනුවර ප්‍රාදේශීය සභාවේ විපක්ෂ නායක ලෙස කටයුතු කළ චම්පික නිලන්ත මහතා, ඔහුගේ බිරිඳ සහ වැඩිමහල් දියණිය නිවස තුළ මිය යාමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය විසින් විමර්ශන ආරම්භ කර තිබෙනවා.
පොලීසිය විසින් අද උදෑසන එම මළසිරුරු සොයා ගැනුණේ යටිනුවර, යහලතැන්න ප්‍රදේශයේ පිහිටි අදාළ මන්ත්‍රීවරයාගේ දෙමහල් නිවස තුළ තිබියදීයි.
මන්ත්‍රීවරයා නිවසේ පිටුපස පිහිටි තාවකාලිකව ඉදිකර ඇති ස්ථානයක ගෙල වැළලාගෙන සියදිවි හානිකර ගෙන සිටි අතර ඔහුගේ බිරිඳ සහ දියණියගේ මළසිරුරු නිවසේ ඉහළ සහ පහළ මහලේ කාමර දෙකක් තුළ තිබී පොලීසිය විසින් සොයාගනු ලැබුවා.