Published
යටිනුවර ප්‍රාදේශිය සභාවේ විපක්ෂ නායක චමිපික නිලන්ත මහතා, ඔහුගේ බිරිඳ සහ දියණිය මිය යාමේ පුවත අද උදෑසන වාර්තා වූ රටම කම්පාවට පත්කළ පුවතක්. මෙම මරණ සිදුව ඇත්තේ කෙසේද යන්න සම්බන්ධයෙන් පොලීසිය මේ වන විට විමර්ශන සිදු කරනවා.
මේ අතර පොලිස් ආරංචි මාර්ග අනාවරණ කරන්නේ යටිනුවර ප්‍රාදේශිය සභාවේ විපක්ෂ නායක චමිපික නිලන්ත මහතා පුද්ගලයන් කිහිප දෙනෙකුගෙන් මුදල් ලබාගෙන ණයකරුවෙකු වී සිට ඇති බවයි.
එමෙන්ම මියගොස් ඇති ඔහුගේ බිරිඳගේ සහ දියණියගේ මරණ ගෙල සිරකර සිදු කරන ලද ඝාතන බවට සැක මතුව ඇති බවද පොලිස් ආරංචි මාර්ග අනාවරණ කළා.