රජය මගින් වී මිලදී ගැනීම අද සිට ආරම්භ වනවා.

කෘෂිකර්ම සහ පශු සම්පත් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා පැවසුවේ මෙවර යල කන්නයේ වී අස්වනු නෙලීම ආරම්භ කර ඇති ප්‍රදේශවල රජයේ ගබඩා මගින් වී මිලදී ගැනීම එලෙස ආරම්භ කරන බවයි.

වී මිලදී ගැනීම සඳහා රුපියල් කෝටි 600ක මුදලක් වී අලෙවි මණ්ඩලය සතුව පවතින බවද නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා සඳහන් කළා.

රජයේ වී මිලදී ගැනීමේ වැඩසටහන සම්බන්ධයෙන් කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පළ කළේ මෙවන් අදහසක්.