රජය මගින් මෙවර යල කන්නයේ වී මිලදී ගැනීම් සිදු කෙරෙන්නේ පසුගිය කන්නයේ නියම කළ අවම මිල ගණන් අනුව බව කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා පවසනවා.

නියෝජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ එම මිල ගණන්වලට වඩා අඩු මිල ගණන් යටතේ වී අලෙවි නොකරන ලෙස ගොවි ජනතාවගෙන් ඉල්ලා සිටින බවයි.

රජයේ වී මිලදී ගැනීමේ වැඩපිළිවෙල සම්බන්ධයෙන් කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී කැබිනට් ප්‍රකාශක ආමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පළ කළේ මෙවන් අදහසක්.

මේ අතර මෙරට කුඹුරුවලින් ලැබෙන අස්වැන්න වැඩි කර ගැනීමට තාක්ෂණික ක්‍රම හඳුනාදීම ඉදිරියේදී ආරම්භ කරන බවයි ඉඩම් සහ වාරිමාර්ග නියෝජ්‍ය අමාත්‍ය සුසිල් රණසිංහ මහතා පැවසුවේ.