ආරක්‍ෂ නියෝජ්‍ය අමාත්‍ය විශ්‍රාමික මේජර් ජනරාල් අරුණ ජයසේකර මහතාට එරෙහිව විපක්ෂය විසින් ඉදිරිපත් කළ විශ්වාසභංගය සම්බන්දයෙන් පාර්ලිමේන්තුවේදී අද යළි කතාබහක් ඇති වුණා.

ඒ, වැඩබලන ආරක්‍ෂක අමාත්‍යවරයා ලෙස අරුණ ජයසේකර මහතා පත්කිරිම සම්බන්ධයෙන් විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක මහතා කතානායකවරයාගෙන් කරුණු විමසීමත් සමගයි.

ඊට කතානායකවරයා දැක්වූ ප්‍රතිචාරයයි මේ.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාද එම කරුණ සම්බන්ධයෙන් කතානායකවරයාගෙන් ප්‍රශ්න කළා.

එහිදී විපක්ෂ නායකවරයා සහ කතානායකවරයා අතර සංවාදයක් ඇති වුණේ මෙලෙසයි.