Published
අනවසර භූමියක කිසිදු ආකාරයකින් නිවාස ඉදිකිරීමට යළි ඉඩ නොතබන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා.
ජනාධිපතිවරයා පැවසුවේ අඩි 5,000කට වඩා ඉහල ප්‍රදේශවල යළි වන වගාව ඇති කරන බවයි.
එම ඉඩම් සහ දේපල වන්දි ලබාදී ආණ්ඩුවට පවරා ගන්නා බවයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කළේ.
නිවාස හානි සිදුවූ පුද්ගලයින්ට ලබාදෙන ආධාර සම්බන්ධයෙන්ද ජනාධිපතිවරයා අදහස් පළ කළා.
හානි වූ වගා සඳහා ලබාදෙන වන්දිය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා අනාවරණ කළා.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙම අදහස් පළ කළේ ආපදා සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදු කරමින්.



