හියුමන් ඉමියුනොග්ලොබියුලින් වැනි තීරණාත්මක ඖෂධ, සමාගම් හරහා පමණක් නොව සෘජුවම ඒවා නිෂ්පාදිත රටවල්වලින්ම රජය මැදිහත් වී මිලදී ගැනීමට කටයුතු කර ඇතැයි ආණ්ඩුව පවසනවා.
ඒ, හියුමන් ඉමියුනොග්ලොබියුලින් ඖෂධය සම්බන්ධයෙන් මේ වන විට මතුව ඇති කතාබහ සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමින්.
පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා සඳහන් කළේ නිසි ක්‍රමවේදයකින් තොරව මෙම ඖෂධය භාවිත කිරීමට කටයුතු කර ඇති බවයි.
කෙසේවෙතත් සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සඳහන් කළේ මෙම ඖෂධය භාවිත කිරීම හේතුවෙන් රෝගීන් මියගොස් නොමැති බවට පරික්ෂණවලින් තහවුරු වී ඇති බවයි.
එහෙත් පාර්ලිමේන්තු මන්ත්‍රී ෂානක්කියන් රාසමාණික්කම් මහතා පැවසුවේ මෙම ඖෂධය යළි භාවිතයට අවසර දී ඇත්තේ නිසි පරීක්ෂණයකින් තොරව බවයි.
කෙසේවෙතත් සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි මහතා සඳහන් කළේ ඖෂධ සම්බන්ධයෙන් වන වංචනික ක්‍රියා මැඩ පැවැත්වීමට ආණ්ඩුව දැන් කටයුතු ආරම්භ කර ඇති බවයි.




