ඉරානය සහ ඊශ්‍රායලය අතර පවතින යුද ගැටුම් හේතුවෙන් මෙරට ඉන්ධන හිඟයක් ඇති විය හැකි බවට පලවන වාර්තා සම්බන්ධයෙන් කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අද අදහස් පළ කළා.

එහිදී ඔහු කියා සිටියේ කිසිදු ඉන්ධන හිඟයක් ඇති වීමේ අවදානමක් නොමැති බවයි.

මේ අතර නිවේදනයක් නිකුත් කරමින් බලශක්ති අමාත්‍යාංශය මහජනතාවගෙන් ඉල්ලා සිටියේ මැද පෙරදිග යුද වාතාවරණයත් සමග මෙරට ඛනිජ තෙල් හිඟයක් ඇතිවිය හැකි බවට වන විවිධ ව්‍යාජ හා නොමඟ යවන සුළු පුවත් විශේෂයෙන් සමාජ මාධ්‍ය තුළ සංසරණය වන බවට නිරීක්ෂණය වී ඇති බවයි.

ඉදිරි මාස දෙකකට අවශ්‍ය තෙල් තොග ලංකා ඛනිජ තෙල් සංස්ථාව සතුව ඇති බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ.

ඉදිරියට ඇනවුම් කරන ලද තෙල් තොග ගැටලුවකින් තොරව ලබා ගැනීමට අවශ්‍ය කටයුතු සැලසුම් කර ඇති බවද බලශක්ති අමාත්‍යාංශය පවසනවා.