පවතින මෝසම් වැසි හේතුවෙන් ඉදිරි මාස දෙක තුළදී ඩෙංගු රෝගීන්ගේ ඉහළ යාමක් සිදුවිය හැකි බවට මහජන සෞඛ්‍ය පරික්‍ෂකවරුන් අනතුරු අඟවනවා.

ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ ලේකම් චමිල් මුතුකුඩ මහතා පැවසුවේ ඩෙංගු රෝගය පාලනය සඳහා මහජන සහය අවශ්‍ය වන බවයි.

ඩෙංගු මර්දනය කිරීම සෞඛ්‍ය අංශවලට පමණක් තනිව සිදුකළ නොහැකි බවද ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ ලේකම් චමිල් මුතුකුඩ මහතා වැඩිදුරටත් පෙන්වා දුන්නා.