යාපනය අර්ධද්වීපය තුළ සිදුවන වායු දූෂණය අවම කිරීමේ වැඩ පිළිවෙලක් සකස් කරන ලෙස මධ්‍යම පරිසර අධිකාරියට සහ යාපනය මහ නගර සභාව වෙත නියෝග නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකර ඇති පෙත්සම ජනවාරි මස 22 වනදා කැඳවන ලෙස අභියාචනාදීකරණය නියම කළා.
වෛද්‍ය උමා සුකී නඩරාජා විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබුණා.
එම පෙත්සම අද අභියාචනාදීකරණයේ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරන විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබුවා.
එහිදී පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ආචාර්ය රවින්ද්‍රනාත් දාබරේ මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් 2017 වසරේ හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් කැලිකසල සහ අපද්‍රව්‍ය විවෘත දහනය සිදුකිරීම තහනම් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබූ බව සඳහන් කළා.
එම ගැසට් නිවේදනය පදනම් කරගෙන මෙම වායු දුෂණය අවම කිරීමේ වැඩපිළිවෙළක් සකස් කළ යුතු බවත් නීතිඥ දාබරේ මහතා සඳහන් කර සිටියා.
ඒ අනුව මෙම වැඩ පිළිවෙල සැකසීමේදී අදාල ගැසට් පත්‍රය කෙරෙහි අවධානය යොමු කරමින් කටයුතු කරන ලෙසත් මෙහිදී විනිසුරු මඩුල්ල විසින් මධ්‍යම පරිසර අධිකාරියට සහ යාපනය මහ නගර සභාවට නියෝග කළා.
ඉන් අනතුරුව මෙම පෙත්සම ජනවාරි මස 22 වන දා කැඳවීමටද දින නියම වුණා.




