Published
රාජකාරී වෙලාවේ මත්පැන් පානයකිරීමේ චෝදනාවක් සම්බන්ධයෙන් යාල් දේවී දුම්රියේ ප්‍රධාන දුම්රිය නියාමකවරයා දුම්රිය ආරක්ෂක නිලධාරීන් විසින් අද පස්වරුවේ අනුරාධුරයේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
කන්කසන්තුරේ සිට කොළඹ කොටුව දක්වා ධාවනය වෙමින් තිබූ මෙම දුම්රිය ප.ව. 2.40ට පමණ අනුරාධපුර දුම්රිය ස්ථානයට ළඟාවී ඇති අතර එම අවස්ථාවේ දී ඔහු මත්පැන් පානය කර සිටීම හේතුවෙන් අත්අඩංගුවට පත්ව තිබෙනවා.
ඔහු අනුරාධපුරය පොලිසියට ඉදිරිපත් කිරීමට කටයුතු කර ඇති අතර ඉන් අනතුරුව අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.
යාල් දේවී දුම්රියට වෙනත් නියාමකවරයෙකු යොදවා අනුරාධපුරයේ සිට කොළඹ කොටුව බලා පැමිණ තිබෙනවා.




