යුක්රේන අගනුවර වෙත රුසියාව විසින් ප්‍රහාර මාලාවක් එල්ල කර තිබෙනවා.

නැගෙනහිර කියෙව්හි මහල් නිවාස සංකීර්ණයකට එල්ල වූ රුසියානු ඩ්‍රෝන ප්‍රහාරයකින් පුද්ගලයින් හතර දෙනෙකු මිය ගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ප්‍රහාර හෙළා දකිමින් යුක්‍රේන ජනාධිපති වොලොඩිමියර් සෙලෙන්ස්කි පැවසුවේ රුසියානු ඩ්‍රෝන යානා 430 ක් සහ මිසයිල 18 ක් පමණ ප්‍රහාර දියත් කළ බවයි.

ගොඩනැගිලි රැසකට ප්‍රහාරවලින් හානි සිදුවී ඇති බවයි ජනාධිපතිවරයා පවසා ඇත්තේ. තවත් ප්‍රදේශ කිහිපයක් ඉලක්ක කර ගනිමින් ඩ්‍රෝන ප්‍රහාර එල්ල වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.