Published
යුක්‍රේනයට එරෙහිව රුසියාව ක්‍රියාත්මක කර ඇති යුද්ධයේදී රුසියානු හමුදාවන්ට සහාය දීම සඳහා යොදවා ඇති හමුදා සෙබළුන් ගණන තුන් ගුණයකින් වැඩි කිරීමට උතුරු කොරියාව සූදානම් වන බව විදෙස් මාධ්‍ය වාර්තා පවසනවා.
ඒ අනුව උතුරු කොරියානු හමුදා භටයින් 30,000ක් රුසියානු හමුදාවේ සහායට යෙදවීම තීරණය වී ඇති බවයි එම වාර්තාවල දැක්වෙන්නේ.
යුක්‍රේන යුද්ධයට සහාය දැක්වීම සඳහා ඉකුත් නොවැම්බර් මාසයේදී උතුරු කොරියානු හමුදා භටයින් 11,000ක් පමණ යොදවා ඇති බවටයි වාර්තා පළ වන්නේ.
ඒ අතරින් හමුදා සෙබළුන් 4,000ක් පමණ මියගොස් හෝ තුවාල ලබා ඇති බවද එම වාර්තාවල සඳහන්.