Published
ඉරාන ඊශ්‍රායල යුද ගැටුම්වලින් පසු පළමුවරට ඉරානයේ ආධ්‍යාත්මික නායක අයතුල්ලා අලි කමේනි මහජන හමුවකට එක් වී තිබෙනවා.
ඒ අද දිනයට යෙදී ඇති ෂියා උත්සවයක් වෙනුවෙන් විශේෂ ආගමික උත්සවයක් සඳහායි.
ඊයේ පැවති හමුවට විශාල පිරිසක් එක්ව සිටින ආකාරය ද දක්නට ලැබුණා.
ටෙහෙරානයේ ඉමාම් කොමෙයිනි පල්ලියේ අදාළ වැඩසටහන පැවැත්වුණු බවයි ඉරාන රාජ්‍ය මාධ්‍ය නිවේදනය කරන්නේ.
මීට පෙර අවසන්වරට මාධ්‍ය හමුවේ පෙනී සිටියේ ඊශ්‍රායල ඉරාන යුද ගැටුම් පවතින අවස්ථාවක ඉරාන හමුදා නායකයින් හා විද්‍යාඥයින් මියගිය අවස්ථාවේ ඒ පිළිබඳ ප්‍රකාශයක් නිකුත් කිරීම සඳහායි.