යුධ ගැටුම් හේතුවෙන් තාවකාලිකව නවතා තිබු ඊශ්‍රායලයෙන් පිටවීමේ ගුවන් ගමන් යලි ක්‍රියාත්මක කිරීමට එරට බලධාරීන් තීරණය කර තිබෙනවා.
ඒ අනුව බෙන් ගුරියන් ජාත්‍යන්තර ගුවන්තොටුපලේ සිට ඉන් පිටතට සීමිත ගුවන් ගමන් ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.
ඊශ්‍රායලයේ සිරවී සිටින විදේශිකයන්ට සහ රටින් පිටවීමට අවශ්‍ය ඊශ්‍රායල ජාතිකයින්ට ද එම ගුවන් ගමන් භාවිත කල හැකි බවයි වාර්තා වන්නේ.
මේ සඳහා ගුවන් ගමන් 24ක් ක්‍රියාත්මක කිරීමට එරට ගුවන් සමාගම් අපේක්ෂා කරන බවට සඳහන්.
එලෙස ලාර්නාකා, ඇතන්ස්, රෝමය, පැරිස්, ලන්ඩන්, නිව් යෝර්ක්, ලොස් ඇන්ජලීස් සහ බැංකොක් දක්වා ගුවන් ගමන් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබෙනවා.
ගුවන් යානයකට රැගෙන යා හැකි මගීන් සංඛ්‍යාව 50 කට සීමා කිරීමට එරට රජය විසින් තීරණය කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
ඒ අනුව මගීන් 1,000 කට අධික පිරිසකට එරටින් පිටවීමට අවස්ථාව හිමිවනවා.
කෙසේවෙතත් ඊශ්‍රායල සහ ඉරානය අතර යුධ ගැටුම් හේතුවෙන් ලක්ෂයකට අධික ඊශ්‍රායල ජාතිකයින් විදේශගතව සිටි බවයි වාර්තා වන්නේ.