නව ජනාධිපතිවරයෙකු තෝරාපත් කර ගැනීම සඳහා දකුණු කොරියානු ජනතාව මේ වන විට ඡන්දය භාවිතා කරමින් සිටිනවා.

කෙසේවෙතත් එරට ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම මෙලෙස ආරම්භ වී ඇත්තේ දැඩි අර්බුදකාරී කාල වකවානුවකින් පසුවයි.

හිටපු ජනාධිපති යූන් සුක් යෙයොල් විසින් හදිසියේ යුධ නීතිය පැනවීමත් සමඟ දකුණු කොරියාවේ අර්බුදකාරී තත්ත්වයක් ආරම්භ වුණා.

එය වඩාත් තීව්‍ර වුණේ හිටපු ජනාධිපතිවරයාට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන ඒමත් සමඟයි.

දිගින් දිගටම ඇඳී ආ දේශපාලන අර්බුදයත් සමග අද පැවැත්වෙන ජනාධිපතිවරණයේ වැඩි වාසි විපක්ෂයේ අපේක්ෂක ලී ජේ මියුන්ග්ට හිමිව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.