මින්නේරිය ජාතික වනෝද්‍යානයේ සැරිසරමින් සිටි ඩොලර් මැෂිම නැමති අනුවර්ථ නාමයෙන් හඳුන්වන යුනිකෝන් දළ ඇතාට සැලසුම් සහගතව චේතනාන්විතවම වෙඩි තබා ඝාතනය කිරීමට යොදා ගත් බවට සැක කෙරෙන ගිනි අවිය රජයේ රස පරික්ෂකවරයා වෙත යවා ඊට අදාළ රස පරික්ෂක වාර්තාව අධිකරණයට ඉදිරිපත් කරන ලෙස හිඟුක්ගොඩ මහේස්ත්‍රාත් එන් ඩී කරුණාරත්න මහත්මිය මින්නේරිය වනජීවි කාර්යාලයේ අඩවි සහකාර ඒ බී සී කුලරත්න මහතාට නියෝග කළේය

යුනිකෝන් දළ ඇතාට වෙඩි තබා මරා දැමීමේ සිද්ධිය සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශන වල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙසටද මහහේස්ත්‍රාත්වරිය අඩවි සහකාරවරයාට තවදුරටත් නියෝග කෙරිණ

මෙසේ නියෝග කලේ මින්නේරිය ජාතික වනෝද්‍යාන භූමියේ සැරිසරමින් සිටි ඩොලර් මැෂිම නැමති අනුවර්ථ නාමයෙන් හඳුන්වන යුනිකෝන් දළ ඇතාට වෙඩි තබා මරා දැමීමේ සිද්ධියට අදාළ නඩුව හිඟුරක්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ යළි කැඳවූ අවස්ථාවේදියි.

මෙම අපරධය සම්බන්ධයෙන් අධිකරණය මගින් දැනට ඇප මත මුදා හැර සිටිනුයේ පොාළොන්නරුව දියබෙදුම ඉහනලුවැව පදිචිකරුවන් වන වන ආර් එම් සමන් ප්‍රේමතිලක නොහොත් හැත්තෑවේ මල්ලි සහ යූ ටී ජී ශ්‍රිමාල් ධනුෂ්ක කරුණාතිලක සහ එච් එම් ගයාන් ධනුෂ්ක සමරනායක සහ ජී ජී තිලකරත්න සහ මාතලේ යටිවිමන පදිංචි ආර් එම් හේරත් බංඩාර උඩස්ගිරිය යන සැකකරුවන්ය

වෙඩි තබා ඝාතනය කෙරුණු යුනිකෝන් ඇතිගේ අයිතිවාසිකම් වෙනුවෙන් අධිකරණයේ අවසරය මත මෙම නඩුවට අතමැදි පාර්ශවයක් ලෙස මැදිහත්ව සිටින අලි ඇතුන් සුරැකීමේ ලෝක සංවිධානයේ ශ්‍රි ලංකා නියෝජිතවරිය වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ නීතිඥ විජිත වික්‍රමනායක මහතා සමඟ නීතිඥ හේමන්ත රත්නායක මහතා පෙනී සිටියේය

ඒ අනුව යුනිකෝන් ඇතාගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නීතිඥ විජිත වික්‍රමනායක මහතා සිය මූලික කරුණු දැක්වීම් වලදී අධිකරණයට කියා සිටියේ මින්නේරිය ජාතික වන උයනේ සැරිසරමින් සිටි යුනිකෝන් දළ ඇතා ඩොලර් මැෂිම නමින් හැදින්වීමට ප්‍රධාන හේතුව යුනිකෝන් දළ ඇතා දැක බලා ගැනීමට ඒ තරමට විශාල විදේශීය සංචාරකයින් පිරිසක් මින්නේරිය ජාතික වන උයනට පැමිණීම නිසා බවයි

පැමිණිල්ල වෙුනවෙන් මින්නේරිය වනජීවි කාර්යාලයේ අඩවි සහකාර එන් බී සී කුලරත්න මහතා පෙනී සිටි අතර සැකකරුවන් වෙනුවෙන් නීතිඥ රනිල් වීරසේකර මහතා ඇතුඑ නීතිඥ කන්ඩායමක් පෙනී සිටියහ සැලසුම් සහගතව වෙඩි තබා මරා දැමුනු යුනිකෝන් ඇතාගේ වයස අවුරුදු 40 ක් වන අතර උස අඩි 10 යි අගල් 6 කි.