මාස ගණනක් පුරා පැවති ගැටලු අවසන් කරමින් අමෙරිකාව සහ යුරෝපා සංගමය අතර වෙළෙඳ ගිවිසුමකට එළඹ තිබෙනවා.

ඒ, ජනාධිපති ට්‍රම්ප් සහ යුරෝපා සංගම් ප්‍රධානියා අතර ස්කොට්ලන්තයේ දී පැවති හමුවකින් පසුවයි.

ඒ අනුව, මීට පෙර යෝජනා කරන ලද සියයට 30 අනුපාතය සංශෝධනය කරමින් යුරෝපා සංගම් අපනයන සඳහා සියයට 15ක ස්ථාවර තීරුබදු පැනවීමට නියමිත බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

අගෝස්තු මස 1 වනදා සිට ගිවිසුමට අදාළ සංශෝධනය සිදුවනු ඇති බවද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර තිබුණා.