වයස අවුරුදු 19න් පහළ ආසියානු යොවුන් එක්දින ක්‍රිකට් තරඟාවලියේ 05 වන තරගය ඉන්දි සහ පාකිස්තාන කණ්ඩායම් අතර අද පැවැත්වීමට නියමිතයි.
ඒ, කාණ්ඩයෙන් තරඟ වදින එම කණ්ඩායම් දෙක අතර පෙරවරු 10.30ට ආරම්භ වීමට නියමිතව ඇත්තේ ඩුබායිහිදීයි.
වයස අවුරුදු 19න් පහළ ආසියානු යොවුන් එක්දින ක්‍රිකට් තරඟාවලියේ මේ වනවිට තරඟ එක බැගින් ක්‍රීඩා කර එම කණ්ඩායම් දෙක එම තරග දෙකම ජයගෙන තිබෙනවා.
මේ අතර වයස අවුරුදු 19න් පහළ ආසියානු යොවුන් එක්දින ක්‍රිකට් තරඟාවලියේ තවත් තරගයක් අද පැවැත්වීමට නියමිතයි.
ඒ, එක්සත් අරාබි එමීර් රාජ්‍ය සහ මැලේසියා කණ්ඩායම් අතරයි.
වයස අවුරුදු 19න් පහළ ආසියානු යොවුන් එක්දින ක්‍රිකට් තරඟාවලියේ නේපාල කණ්ඩායම සමග ඊයේ පැවති තරගය ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.
ඒ, කඩුළු අටකින්. එම තරගයේදි නේපාල කණ්ඩායමට සියළුදෙනා දැවී රැස් කිරීමට හැකි වූයේ ලකුණු 82ක් පමණයි.
ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 14යි පන්දු 05ක් අවසානයේ කඩුළු දෙකක් පමණක් බිද වැටී ලකුණු 84ක් ලබා ගනිමින් එම තරඟය ජයගත්තා.
එම එක්දින තරගාවලියේ ඊයේ දිනයේ අනෙක් තරගය පැවැත්වුණේ ඇෆ්ගනිස්ථාන සහ බංග්ලාදේශ කණ්ඩායම් අතරයි.
එහිදී පළමුව පන්දුවට පහරදුන් ඇෆ්ගනිස්ථාන කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේදි කඩුළු 07ක් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 283ක්. බංග්ලාදේශ කණ්ඩායම එම තරඟය ජය ගත්තේ පන්දුවාර 48යි පන්දු 05ක් අවසානයේ කඩුළු 07ක් දැවී ලකුණු 284ක් රැස් කර ගනිමින්.




