08 වැනි ලෝක යොවුන් මිහිකත රූ රැජින තරගාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වීම සදහා මවිති පුන්සරණි මෙනවිය ඉන්දියාව බලා පිටත්ව ගොස් තිබෙනවා මෙම තරගාවලිය වයස අවුරුදු 20 ට අඩු ලෝකයේ රටවල් 25 ක යොවුන් රූ රැජිනියන් 25 දෙනෙකුගේ සහභාගීත්වයෙන් අද දින සිට ලබන සෙනසුරාදා දින දක්වා ඉන්දියාවේ ජායිපූර් හීදී පැවැත්වීමට නියමිතය . මවිති පුන්සරණි ඊයේ දින රාත්‍රී 09.55 ට ඉන්දියාවේ මුම්බායි නුවර බලා ඉන්ඩිගෝ ගුවන් සේවයේ 6 E . - 1186 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළෙන් පිටත්ව ගිය අතර , ඇය එතැන් සිට තවත් වෙනත් ගුවන් යානයකින් ජායිපූර් බලා පිටත්ව යාමට නියමිතය . තවමත් 19 හැවිරිදි වියේ පසුවන මවිති පුන්සරණි නිරූපන ශිල්පිනියක වන අතර යොවුන් මිහිකත රූ රැජින ශ්‍රී ලංකා තරගාවලියේ අධ්‍යක්ෂ සහ ජාතික පුහුණුකරු රුක්මාල් සේනානායක මහතා මෙන්ම ඇයගේ දෙමාපියන් , නෑදෑ හිතවතුන් විශාල පිරිසක් කටුනායක ගුවන් තොටුපොළ වෙත ඇයට සුභ පැතීම සදහා පැමිණ සිටියහ .