රංගන ශිල්පී ගයත්‍රි ඩයස් මහත්මිය ප්‍රකාශයක් ලබා දීම සඳහා අද අපරාධ පරික්‍ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටියා.

ඉන් බැහැර යන අවස්ථාවේදී ඇය මාධ්‍ය හමුවේ කියා සිටියේ තමන්ව කැඳවූ හේතුව සියලු දෙනා දන්නා කරුණක් බැවින් ඒ සම්බන්ධයෙන් නැවත ප්‍රකාශයක් කළ නොහැකි බවයි.

තමන්ගෙන් විමසූ ප්‍රශ්නවලට අවශ්‍ය පිළිතුරු ලබා දුන් බවද ඇය මාධ්‍ය හමුවේ කියා සිටියා.