Published
අද දිනයේ ආරම්භ කිරීමට සැලසුම් කර තිබූ එක්දින සංකේත වැඩවර්ජනය සතියකින් කල් දැමීමට පියවර ගත් බව රජයේ දන්ත වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා. එම සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය නදුන් ධම්මික මහතා පැවසුවේ සෞඛ්‍ය නියෝජ්‍ය ඇමතිවරයා සමග පැවති සාකච්ඡාවකදි ලබාදුන් පොරොන්දුවක් මත සිය වෘත්තීය ක්‍රියාමාර්ගය කල් දැමූ බවයි.
සිය ඉල්ලීම්වලට ප්‍රතිචාර නොලැබුණහොත් දැඩි වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළඹෙන බවද රජයේ දන්ත වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය නදුන් ධම්මික මහතා වැඩිදුරටත් සදහන් කළා.




