පසුගිය මහ කන්නයට සාපේක්ෂව මෙවර යල කන්නයේදී රජයේ වී ගබඩා වෙත ලැබෙන වී ප්‍රමාණය වැඩි වී ඇති බව කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා පවසනවා.

මේ වන විට මෙවර යල කන්නයේ වී මෙට්‍රික් ටොන් 38,000ක ප්‍රමාණයක් රජය මගින් මිලදී ගෙන ඇති බවයි කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍යවරයා නෙත් නිවුස් කළ කරුණු විමසීමකදී කියා සිටියේ.