මෙම ව්‍යසනයේදී මහජනතාව මුහුණ දුන් දුෂ්කරතා ඇතිවූයේ රජය සහ රාජ්‍ය ආයතන අතර නිසි සම්බන්ධීකරණයක් නොමැතිකම නිසා බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතා පවසනවා.
පේරාදෙණියේ ගැටඹේ විහාරස්ථානයට ගිය අවස්ථාවේදී අදහස් දක්වමින් රාජපක්ෂ මහතා පැවසුවේ අයහපත් කාලගුණයෙන් පීඩාවට පත් පවුල්වලට සහාය වීම සඳහා ගම් මට්ටමේ ක්ෂේත්‍ර නිලධාරීන් උපරිමයෙන් කටයුතු කරන නමුත් රාජ්‍ය ආයතන අතර සන්නිවේදනයේ හිඩැස් නිසා ජනතාව තවදුරටත් අපහසුතාවයට පත් කරන බවයි.
තවද අධ්‍යාපන අමාත්‍යාංශය දෙසැම්බර් 16 වන දින පාසල් නැවත විවෘත කිරීමට සූදානම් වන අතර, අවතැන් වූ පවුල් රාශියක් තවමත් පාසල් ගොඩනැගිලිවල නවාතැන් ගෙන සිටින බව ඔහු පෙන්වා දුන්නේය.
ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය (NBRO) අනාරක්ෂිත නිවාස ඉවත් කරන ලෙස ජනතාවට උපදෙස් දෙන අතරම අවතැන් වූ පුද්ගලයින්ට නැවත පාසැල් විවෘත කිරීම සඳහා පාසල්වලින් ඉවත් වන ලෙස ඉල්ලා සිටින බවත් මෙම තත්වය පරස්පර විරෝධී සහ දුර්වල සම්බන්ධීකරණයක් ලෙසත් නාමල් රාජපක්ෂ මහතා පවසා සිටියා.
පාර්ලිමේන්තුව ඉක්මනින් නැවත කැඳවීමෙන් රජයට මහජනතාව මුහුණ දෙන ගැටළු වඩා හොඳින් තේරුම් ගැනීමට සහ ඒවාට ප්‍රතිචාර දැක්වීමට හැකි වන බවත් නාමල් රාජපක්ෂ මහතා වැඩි දුරටත් පැවසුවේ.
ආපදාව පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීම් සහ තොරතුරු මහජනතාවට සන්නිවේදනය කළේ කෙසේද යන්න විමර්ශනය කිරීම සඳහා තේරීම් කමිටුවක් පත් කල යුතු බවද නාමල් රාජපක්ෂ පැවසීසදහා රජය බොහෝ පොරොන්දු දී ඇති අතර, එම පොරොන්දු ඉටු කළ යුතු බවත් ජනාධිපතිවරයා අවශ්‍ය පියවර ගන්නේදැයි බලා සිටින බවත් අවශ්‍ය නම් සම්බන්ධීකරණයට සහාය වීමට සූදානම් බවද නාමල් රාජපක්ෂ මහතා සඳහන් කර සිටියේ.




