සමගි ජන බලවේග ප්‍රධාන පක්ෂ කාර්යාලයේ දී ශ්‍රීමත් මහාමානය ඩී. එස්. සේනානායක දේශපාලන අධ්‍යාපන තිරසර සංවර්ධන විද්‍යා පීඨය ආරම්භ කිරිමට එක් වූ අවස්ථාවේ දී කල අදහස් දැක්වීම.
රජය රටේ ජනතාවට සුබ පණිවිඩයක් දෙන්න යන බවත් ඒ සුබ පණිවිඩය වන්නේ විදුලි බිල වැඩි කිරීම බවත් මේ විදුලි බිල වැඩි කිරිම සිදු නොවේවා කියා ප්‍රාර්ථනා කරන බවත් රජය යම් හෙයකින් විදුලි බිල වැඩි කළ හොත් මහපාරට බැස මෙයට විරුද්ධව කටයුතු කරන බවත් විදුලි බිල වැඩි කිරිම තුළින් ගෘහයේ ආර්ථිකයේ පීඩා විදින්නේ මව්වරු සහ කාන්තාවන් බවත් දුක් ගින්නෙන් බඩගින්නෙන් පීඩනයෙන් අසහනයෙන් තැලී පොඩිවී සදාකාලික අනාථ භාවයට ලක් කරන රජයේ මේ දුර්දාන්ත ප්‍රතිපත්ති පරාජය කරන්නට කටයුතු කළ යුතු බවත් ලක්ෂ 220 ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කරන්න පෙරට එන ලෙසත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
සමගි ජන බලවේග ප්‍රධාන පක්ෂ කාර්යාලයේ දී ශ්‍රීමත් මහාමානය ඩී. එස්. සේනානායක දේශපාලන අධ්‍යාපන තිරසර සංවර්ධන විද්‍යා පීඨය ආරම්භ කිරිම අද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රදානත්වයෙන් සිදු විය. සමගි ජන බලවේගයේ දේශපාලන අධ්‍යාපන විද්‍යා පීඨය වන මෙය ලියාපදිංචි කර සියලු පහසුකම් සහිතව ආරම්භ කර තිබේ. ඒ අනුව මෙහි දී සමගි වනිතා බලවේගයේ පලාත් පාලන මන්ත්‍රීවරියන් වෙනුවෙන් වැඩමුළුවක් ද පැවැති අතර එම අවස්ථාවට එක්වෙමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේය. මේ අවස්ථාවට සමගි ජන බලවේගයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රි රංජිත් මද්දුම බණ්ඩාර මහතා, ජාතික සංවිධායක තිස්ස අත්තනායක මහතා, පාර්ලිමේන්තු මන්ත්‍රිනී රෝහිනී කවිරත්න මහත්මිය, චමින්ද්‍රානි කිරිඇල්ල මහත්මිය, බුද්ධික පතිරණ මහතා සහ හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ද එක්විය.
පළාත් සභා ඡන්දයට ඉල්ලන්න සජබ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිහිප දෙනකුත් ඉල්ලා අස් වෙනවා
පාර්ලිමේන්තුවේ සමගි ජන බලවේගයේ මන්ත්‍රිවරුන් කිහිප දෙනකු පාර්ලිමේන්තු මන්ත්‍රීකමෙන් ඉවත්ව පළාත් සභාවට තරග කරන්න සූදානම් බවත් කැපකිරීම් කර පරිත්‍යාග කර පළාත් සභාව පක්ෂය ජයග්‍රහණය කරවන්න සූදානම් බවත් ආණ්ඩුවේ මන්ත්‍රීවරු මීට පෙර එවැනි දෙයක් කළත් විපක්ෂයෙන් එවැනි දෙයක් සිදු වීම දුර්ලභ බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
2020 පෙබරවාරි මාසයේ ලියාපදිංචි වූ සමගි ජන බලවේගය මේ වන විට දුරකථනය ලකුණෙන් මහමැතිවරණ දෙකකට එක් ජනාධිපතිවරණයකට සහ පළාත් පාලන මැතිවරණයකට තරග කර ඇති බවත් අද වන විට සමගි ජන බලවේගයටම පළාත් පාලන මන්ත්‍රීවරුන් හා මන්ත්‍රිවරියන් 1773ක් සිටින බවත් ඉන් 714ක්ම කාන්තාවන් බවත් ඔවුන් එදා සිට කළ පරිත්‍යාගවලට කැපකිරිම්වලට ස්තූතිය පළ කර සිටින බවත් දැන් ලංකාවේ දෙවැනි වැඩිම පළාත් පාලන මන්ත්‍රීවරුන් සිටින්නේ සමගි ජන බලවේගය බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
කාන්තා හා ළමා අයිතිවාසිකම් ආරක්ෂා කරන්න ලෝකය තුළ මෙන්ම ලංකාවේද නීති රීති අනපනත් හා ප්රඥප්ති ඇති බවත් මේවා ගැන බහුතර කාන්තාවන් නොදන්නා බවත් මේ නීති රිති ගැන දැනුවත් විය යුතු බවත් දැනුමෙන් සන්නද්ද විය යුතු බවත් තමා දැනුම ගැනත් ඉංග්‍රීසි භාෂාව ගැනත් කියද්දි පහර පිට පහර ගැහුවත් කවදා හෝ සත්‍ය ජය ගන්නා බවත් එම නිසා ඒ කතා ගැන තමා වැඩිය හිතන්නේ නැති බවත් පුළුවන් තරම් දැනුමින් සන්නද්ධ වී කටයුතු කරන ලෙස සියලු මන්ත්‍රීවරියන්ගෙන් මෙන්ම මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලා සිටින බවත් ජනතාවගේ ප්‍රශ්න වෙනුවෙන් පෙනී සිටින මන්ත්‍රීවරුන් මන්ත්‍රීවරියන් විය යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
ඊයේ පාර්ලිමේන්තුවේදී උසස් පෙළ හදාරණ පාසල් දූදරුවන් හමුවූ අවස්ථාවේදී පාසලේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පිටපතක් ඇත් ද කියා විමසූ අවස්ථාවේ ඔවුන්ගේ පුස්තකාලයේ එවැනි පිටපතක් නොමැති බවත් මෙය රටේ යථාර්ථය බවත් මෙය වෙනස් විය යුතු බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් පැවසීය.