Published
සියලු දුර ගමන් බස් රථ ගමන් ඇරඹීමට පෙර මූලික තත්ත්ව පරීක්ෂණයක් සිදුකිරීම අනිවාර්ය කිරීමට රජය සැලසුම් කර ඇති ක්‍රියාමාර්ගයට බස් සංගම් විරෝධය පළ කරනවා. ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පැවසුවේ නිසි අධ්‍යයනයකින් යුතුව රජය එම තීරණ ගත යුතු බවයි.
රජය එම වැඩපිළිවෙළ නිසි ක්‍රමවේදයකින් තොරව ක්‍රියාත්මක කිරීමෙන් බස් සංගම් ඉදිරියේදී වැඩ වර්ජනයකට පවා යාමට හැකි බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.