ආපදා හේතුවෙන් බලපෑමට ලක්වූ දරුවන්ගේ ඉගෙනීම් කටයුතු යළි නඟා සිටුවීමේ අරමුණින් නෙත් එෆ් එම් රේඩියෝව ආරම්භ කළ “දිරිය නෙත් - නැණ සවිය” අධ්‍යාපනික වැඩසටහනේ තෙවන දිනටත් මේ වනවිට ක්‍රියාත්මකයි.

පසුගිය දින දෙක පුරා මෙන්ම අද පෙරවරුවේද විශාල පිරිසක් අභ්‍යාස පොත්, පෑන් පැන්සල්, පාට පෙට්ටි, පාසල් බෑග්, පාසල් පාවහන් ඇතුලු පාසල් උපකරණ රැසක් ආපදා හේතුවෙන් බලපෑමට ලක්වූ දරුවන්ගේ ඉගෙනීම් කටයුතු වෙනුවෙන් පරිත්‍යාග කළා.

ඒ අතර රත්මලාන ප්‍රදේශයේ පදිංචි දෘශ්‍යාබාධිත දැරියක් සහ ඇයගේ මවද වනවා. සිය දැරියට හිමිව තිබූ සුදු සැරයටික්ද “දිරිය නෙත් - නැණ සවිය” සඳහා පරිත්‍යාග කිරීමට ඔවුන් අමතක කළේ නැහැ.

ආපදා හේතුවෙන් බලපෑමට ලක්වූ දරුවන්ගේ ඉගෙනීම් කටයුතු යළි නඟා සිටුවීමේ අරමුණින් නෙත් එෆ් එම් රේඩියෝව ආරම්භ කළ “දිරිය නෙත් - නැණ සවිය” අධ්‍යාපනික වැඩසටහනට දායකවීම සම්බන්ධයෙන් එම දැරියගේ මව මෙලෙස හඬ අවදි කළා.

මේ අතර ආපදා හේතුවෙන් බලපෑමට ලක්වූ දරුවන්ගේ ඉගෙනීම් කටයුතු යළි නඟා සිටුවීම සදහා ආරම්භ කළ “දිරිය නෙත් - නැණ සවිය” අධ්‍යාපනික සත්කාරය වෙනුවෙන් ඔබටද දායක විය හැකියි.

කොල්ලුපිටියේ 05 වන පටුමගේ පිහිටි නෙත් එෆ් එම් රේඩියෝවේ ප්‍රධාන කාර්යාලයට සහ බම්බලපිටිය දුම්රිය ස්ථානයට ආසන්න ඕෂන් වීව් ගොඩනැගිල්ලේ නෙත් එෆ් එම් රේඩියෝවේ මැදිරි සංකීර්ණය වෙත අභ්‍යාස පොත්, පෑන් පැන්සල්, පාට පෙට්ටි, පාසල් බෑග්, පාසල් පාවහන් ඇතුලු පාසැල් උපකරණ ඔබට භාරදිය හැකි වනවා.

මේ, ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ නෙත් එෆ් එම් සහකාර සාමාන්‍යාධිකාරි අලෙවි සහ දිරිය නෙත් ව්‍යාපෘතියේ සභාපති සුනිල් ශාන්ත මහතා.

මේ අතර, නෙත් එෆ් එම් රේඩියෝව හා කොළඹ ඩී එස් සේනානායක විද්‍යාලයේ රග්බි කණ්ඩායම එක්ව සංවිධාන කරන ලේ දන් දීමේ කඳවුර මේ වන විට ක්‍රියාත්මකයි.

ඒ, කොළඹ ඩී එස් සේනානායක විද්‍යාලයේ ආදි ශිෂ්‍ය සංගම් මූලස්ථානයේදීයි. එම ලේ දන් දීමේ කඳවුර අද පස්වරු 03 දක්වා ක්‍රියාත්මක බවයි එම පාසලේ ප්‍රධාන පුහුණුකරු අසේල දේශප්‍රිය මහතා පැවසුවේ.