මෙරටට පැමිණෙන විදේශීය සංචාරකයින්ගේ පහසුව සඳහා බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ තාවකාලික මගී පර්යන්තයක් ස්ථාපිත කිරීමේ කටයුතු මේ වන විට ආරම්භ කර තිබෙනවා.

ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපති බුද්ධික හේවාවසම් මහතා පැවසුවේ මෙරටට පැමිණෙන සංචාරකයින් ගුවන් තොටුපොළේදී මුහුණ දෙන අපහසුතා මඟහැරීම සඳහා මෙම වැඩසටහන ක්‍රියාත්මක කර ඇති බවයි.

ඉකුත් සැප්තැම්බර් මාසයේදී පමණක් සංචාරකයින් එක් ලක්ෂ 50,000කට අධික පිරිසක් මෙරටට පැමිණ ඇති බවද ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපති බුද්ධික හේවාවසම් මහතා නෙත් නිවුස් වෙත කියා සිටියා.

මෙම වසර තුළදී සංචාරක ක්ෂේත්‍රයෙන් අවම වශයෙන් අමෙරිකානු ඩොලර් බිලියන තුනයි දශම පහක ආදායමක් අත් කර ගැනීමට හැකි වනු ඇතැයි අපේක්‍ෂා කළ හැකි බවද මෙහිදී ප්‍රකාශ කෙරුණා.