දිවයින පුරා ක්‍රියාත්මක “රටම එකට” ජාතික මෙහෙයුම යටතේ ඊයේ දිනයේ සිදු කළ මෙහෙයුම්වලින් සැකකරුවන් 1,314 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසනවා.

ඒ අතරින් සැකකරුවන් 31 දෙනෙකුට රැඳවුම් නියෝග ලබා ගැනීමටයි කටයුතු කර ඇත්තේ.

ඊයේ දිනයට අදාළව නීති විරෝධී වත්කම් විමර්ශන ආරම්භ කළ සැකකරුවන් ගණන 04ක්.

පුද්ගලයින් 08 දෙනෙකු පුනරුත්තාපනය සඳහාද යොමු කර තිබෙනවා.

ඒ අනුව ඊයේ දිනයට අදාළව සිදු කළ වැටලීම් ගණන 1,311ක් බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය පැවසුවේ.

“රටම එකට” ජාතික මෙහෙයුමේදී අයිස් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 01යි ග්‍රෑම් 202ක් පොලිස් භාරයට ගෙන තිබෙනවා.

ඒ, දිවයින පුරා සිදුකළ වැටලීම් 480කදීයි.

හෙරොයින් ග්‍රෑම් 863ක්, ගංජා කිලෝ ග්‍රෑම් 197ක් ගංජා පැළ 50,823ක්ද පොලීසිය විසින් සිය භාරයට ගැනීමටයි කටයුතු කර ඇත්තේ.

මීට අමතරව මෙම වැටලීම්වලදී කොකේන් මත්ද්‍රව්‍ය, කුෂ් මත්ද්‍රව්‍ය සහ හෂීෂ් මත්ද්‍රව්‍ය ද විවිධ ප්‍රමාණවලින් සොයාගත් බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය වැඩිදුරටත් පැවසුවේ.