දිවයින පුරා ක්‍රියාත්මක “රටම එකට” ජාතික මෙහෙයුම යටතේ ඊයේ දිනයේ සැකකරුවන් 1,017 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ අතරින් සැකකරුවන් 21 දෙනෙකු සඳහා රැඳවුම් නියෝග ලබාගෙන ඇති බවයි පොලීසිය පැවසුවේ.
එම මෙහෙයුම යටතේ පුද්ගලයින් 29 දෙනෙකු පුනරුත්තාපනය සඳහා යොමු කිරීමට පියවර ගෙන තිබෙනවා.
ඊයේ දිනයට අදාළව වැටලීම් 1,020ක් සිදුකර ඇති බව ද පොලිස් මාධ්‍ය කොට්ඨාසය පැවසුවා.
මේ අතර “රටම එකට” ජාතික මෙහෙයුම යටතේ ඊයේ දිනයේදී හෙරොයින් ග්‍රෑම් 319ක් පොලිස් භාරයට ගෙන තිබෙනවා.
ඒ, දිවයින පුරා සිදුකළ වැටලීම් 311කදීයි. අයිස් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 1යි ග්‍රෑම් 585ක් සහ ගංජා ග්‍රෑම් 923ක් ද පොලීසිය විසින් සිය භාරයට ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය වැඩිදුරටත් පැවසුවේ.
මේ අතර දිවයින පුරා ක්‍රියාත්මක අපරාධ හා මත්ද්‍රව්‍ය නිවාරණ මෙහෙයුම්වලට අදාළව ඊයේ දිනයේදී පුද්ගලයින් 29,899 දෙනෙකු පරික්‍ෂා කළ බව පොලීසිය පවසනවා.
එහිදී අපරාධ සම්බන්ධයෙන් ඍජුව හඳුනාගත් පුද්ගලයින් 21 අත්අඩංගුවට ගත් බවයි පොලීසිය පැවසුවේ.
එම මෙහෙයුම්වලදී සැකපිට පුද්ගලයින් 729 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර වරෙන්තුකරුවන් 285 දෙනෙකු ද අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය වැඩිදුරටත් සඳහන් කළේ.




