Published
දිවයින පුරා ක්‍රියාත්මක “රටම එකට” ජාතික මෙහෙයුම යටතේ ඊයේ දිනයේ සැකකරුවන් 908 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ අතරින් සැකකරුවන් 33 දෙනෙකු සඳහා රැඳවුම් නියෝග ලබාගෙන ඇති බවයි පොලීසිය පැවසුවේ.
එම මෙහෙයුම යටතේ පුද්ගලයින් 37 දෙනෙකු පුනරුත්තාපනය සඳහා යොමු කිරීමට පියවර ගෙන තිබෙනවා.
ඊයේ දිනයට අදාළව වැටලීම් 1,006ක් සිදුකර ඇති බව ද පොලිස් මාධ්‍ය කොට්ඨාසය පැවසුවා.
මේ අතර “රටම එකට” ජාතික මෙහෙයුම යටතේ ඊයේ දිනයේදී හෙරොයින් ග්‍රෑම් 587ක් පොලිස් භාරයට ගෙන තිබෙනවා.
ඒ, දිවයින පුරා සිදුකළ වැටලීම් 313කදීයි.
අයිස් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 1යි ග්‍රෑම් 115ක් සහ ගංජා කිලෝ ග්‍රෑම් 7යි ග්‍රෑම් 128ක් ද පොලීසිය විසින් සිය භාරයට ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය වැඩිදුරටත් පැවසුවේ.




