Published
රාජ්‍ය මුදල් අවභාවිත කිරීමේ චෝදනාවකට අදාළව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව ගොනු කර ඇති නඩුව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේදී අද පස්වරුවේ යළි විභාගයට ගැනීමට නියමිතව තිබෙනවා. එම නඩු විභාගය පස්වරු 01ට පමණ ආරම්භ වීමට නියමිත බවයි නෙත් නිවුස් අධිකරණ වාර්තාකරු පැවසුවේ. කෙසේවෙතත් වෛද්‍ය නිර්දේශ මත රනිල් වික්‍රමසිංහ මහතා අද දිනයේ අධිකරණය වෙත ඉදිරිපත් නොකරන බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, බන්ධනාගාර කොමසාරිස් ජගත් වීරසිංහ මහතා පැවසුවා.
මේ අතර කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය සහ අවට ප්‍රදේශවල ආරක්‍ෂාව මේ වන විට තර කර තිබෙනවා. නෙත් නිවුස් වාර්තාකරුවන් පැවසුවේ පොලීසිය සහ විශේෂ කාර්ය බලකාය ආරක්‍ෂාව සඳහා යොදවා ඇති බවයි. කොටුව මහහේස්ත්‍රාත් අධිකරන්‍යට ප්‍රවේශ වන මාර්ග කිහිපයක්ද වසා දමා ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරුවන් පැවසුවේ. රනිල් වික්‍රමසිංහ මහතා මේ වන විට ප්‍රතිකාර ලබන කොළඹ ජාතික රෝහල සහ අවට ප්‍රදේශවල ආරක්‍ෂාවද තර කර තිබෙනවා. රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රතිකාර ලබ වාට්ටුව අසලද පොලිස් ආරක්‍ෂාව තර කර ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ. මේ අතර හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සුවදුක් විමසීම සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඇතුළු දේශපාලඥයින් පිරිසක් අද පෙරවරුවේ කොළඹ ජාතික රෝහලට පැමිණ සිටියා. එහිදී විපක්ෂ නායකවරයා මාධ්‍ය වෙත අදහස් දැක්වූයේ මෙලෙසයි. මේ අතර නඩු විභාගය පැවැත්වෙන අධිකරණ භූමියට විපක්ෂයේ දේශපාලනඥයින් රැසක් පැමිණ සිටින බවද නෙත් නිවුස් වාර්තාකරුවන් පැවසුවා. අධිකරණයෙන් සාධාරණ තීන්දුවක් ලැබෙනු ඇතැයි අපේක්‍ෂා කරන බවයි සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා පැවසුවේ.