Published
රුසියාවේ ඇති වූ ප්‍රබල භූ කම්පනයත් සමග රටවල් රැසකට නිකුත් කෙරුණු සුනාමි අනතුරු ඇඟවීමේ නිවේදන කිහිපයක් ඉවත් කර තිබෙනවා.
ඒ අනුව ජපානයට නිකුත් කර තිබූ සුනාමි අනතුරු ඇඟවීමේ නිවේදනය ජපාන කාලගුණ විද්‍යා ඒකකය මගින් ජපානයේ ප්‍රදේශ කිහිපයකට පමණක් මේ වන විට සීමා කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ.
කෙසේවෙතත් උපදේශනයන් තවදුරටත් ක්‍රියාත්මක බවද එම වාර්තාවල දැක්වෙනවා.
හවායිහි ජනතාවට නිකුත් කර තිබූ සුනාමි ඇඟවීමේ නිවේදනය ද මේ වන විට පහත හෙළා ඇති බවයි විදෙස් වාර්තාවල දැක්වෙන්නේ.