ඉරානය සහ ඊශ්‍රායලය අතර ගැටුම් හේතුවෙන් රටවල් කිහිපයක් සිය රටවැසියන් ආපසු තම රට වෙත කැඳවා ගැනීමට තීරණය කර තිබෙනවා.
ඒ අතරට ඉන්දියාව, ජපානය, චෙක් ජනරජය, නවසීලන්තය, ස්විට්සර්ලන්තය සහ ඕස්ටේ්‍රලියාව ඇතුළු රටවල් කිහිපයක් ඇතුළත්.
ඒ අනුව ඕස්ටේ්‍රලියාව, ඉරානයේ සිටි සිය රටවැසියන් 1,500ක් සහ ඊශ්‍රායලයේ සිටි 1,200ක් පමණ දැනටමත් ඉවත් කරගෙන තිබෙනවා.
ඇතැම් ඕස්ටේ්‍රලියානුවන් දැනටමත් ඊශ්‍රායලයෙන් සයිප්‍රසයට නෞකාවකින් ගොස් ඇති අතර තවත් පිරිස් ගොඩබිම් හරස් මාර්ග හරහා එම රටවලින් ඉවත් වී තිබෙනවා.
චීනය විසින් ඉරානයේ සිටි සිය රටවැසියන් 1,600කට වැඩි පිරිසක් සහ ඊශ්‍රායලයේ සිටි තවත් සිය ගණනක් ඉවත් කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
ඉන්දියාව විසින් ඉරානයේ ගොඩබිම් මාර්ගවලින් ආර්මේනියාවට පලා ගිය සිසුන් 110ක් පමණ ආපසු දිල්ලියට කැඳවාගෙන තිබෙනවා.
ඉන්දියාව විසින් රට හැර යාමට කැමැත්තෙන් පසුවන ඊශ්‍රායලයේ සිටින තම පුරවැසියන් ඉවත් කිරීමට සැලසුම් සකස් කර ඇති අතර ඊශ්‍රායලයේ ඉන්දියානුවන් 30,000ක් පමණ සිටින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
පාකිස්තානුවන් ද 3,000ක් පමණ ඉරානයෙන් පිටව ගොස් තිබෙනවා.
ජපානය විසින් ද ඉරානයෙන් සහ ඊශ්‍රායලයෙන් තම පුරවැසියන් ඉවත් කර ගැනීම සඳහා හමුදා ගුවන් යානා දෙකක් යොමු කර බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
කෙසේවෙතත් ඉරාන ගුවන් අවකාශය වසා දැමීම සහ ඊශ්‍රායලයේ ප්‍රධාන ජාත්‍යන්තර ගුවන් තොටුපළ මගී ගමනාගමනය සඳහා වසා දැමීමත් සමඟ බොහෝ රටවල් සිය පුරවැසියන් ඉවත් කිරීම සඳහා සංකීර්ණ කටයුත්තකට මුහුණ දෙමින් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
චෙක් ජනරජය, නවසීලන්තය, ස්විට්සර්ලන්තය සහ ඕස්ටේ්‍රලියාව ඇතුළු රටවල් කිහිපයක් දැනටමත් ඉරානයේ ටෙහෙරාන් නුවර තානාපති කාර්යාල මෙහෙයුම් ද අත්හිටුවා තිබෙනවා.
මේ අතර ඉරානය සහ ඊශ්‍රායලය අතර ගැටුම් තීරණාත්මක තැනකට ගෙන යමින් බි්‍රතාන්‍ය, ප්‍රංශය සහ ජර්මනියේ නියෝජිතයින් ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරග්චි හමුවී සාකච්ඡා කිරීමට තීරණය කර තිබෙනවා.
යුරෝපා සංගම් නියෝජිතයින් ද ඊට එක්වනු ඇති. එය සාර්ථක වුවහොත් දෙරටේ ගැටුම් ආරම්භ වී සතියකට පසු ඉරාන සහ බටහිර නායකයින් හමුවන පළමු අවස්ථාව මෙය වනු ඇති.