Published
මෙම වසරේ ජනවාරි මස 01 වනදා සිට සැප්තැම්බර් මස 10 වනදා දක්වා සංවිධානාත්මක අපරාධ 105ක් වාර්තා වන බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසනවා.
එම සිද්ධීන්වලට අදාලව වෙඩික්කරුවන් 33 දෙනෙකු ඇතුළුව සැකකරුවන් 322 දෙදෙනෙකු මේ වන විටත් අත්අඩංගුවට ගෙන ඇති බවයි අමාත්‍යවරයා පැවසුවේ.
එම වෙඩි තැබීම් සිදු කළ වෙඩික්කරුවන් සම්බන්ධයෙන් ද මෙහිදී අදහස් පළ වුණා.
මේ අතර විදෙස්ගතව සිටින ප්‍රධාන පෙළේ සංවිධානාත්මක අපරාධකරුවන් සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් 14 දෙනෙකු ඇතුළුව 15 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවද මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පැවසුවා.


