Published
රාජ්‍ය සේවකයින් 62,000කට ආසන්න පිරිසක් කඩිනමින් බඳවා ගැනීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා. ජනාධිපතිවරයා මේ බව පවසා සිටියේ ජාතික තරුණ සමුළුවට අද එක්වෙමින්.
අනාගතයට ගැලපෙන නව තරුණ පරපුරක් නිර්මාණය කළ යුතු බවයි ජනාධිපතිවරයා මෙහිදී සඳහන් කළේ. ජාත්‍යන්තර තරුණ දිනය අදට යෙදී තිබෙන අතර ඒ වෙනුවෙන් මෙරට ජාතික තරුණ සමුළුවක් පැවැත් වුණේ වසර 32කට පසුවයි.