විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද මහරගම ශ්‍රී විපශ්‍යාරාම පුරාණ රජමහා විහාරයේ වාර්ෂික පෙරහැර මංගල්‍ය අවස්ථාව සඳහා එක්වෙමින් කල අදහස් දැක්වීම.
සම්බුද්ධ ශාසනයේ අභිවෘද්ධිය හා චිරස්ථිතිය තහවුරු කරන ප්‍රත්‍යක්ෂ කරන වැදගත් ක්‍රියාවක් ලෙස මේ පෙරහැර සංස්කෘතිය හැදින්විය හැකි බවත් මීට වසර 49කට පෙර මල් පෙරහැරක් ලෙස ආරම්භ වූ මහරගම පෙරහැර අද වන විට දැවැන්ත පෙරහැරක් වී ඇති බවත් මෙය සම්බුද්ධ ශාසනයේ උන්නතිය හා පැවැත්ම උදෙසා වැදගත් බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
ශ්‍රී විපශ්‍යාරාම රජමහා විහාරාධිපති ශාස්ත්‍රපති රාජකීය පණ්ඩිත පූජ්‍ය මහකුඹුක්වැව චන්දානන්ද මහනායක ස්වාමීන් වහන්සේලා ආරාධනයෙන් මෙම අවස්ථාවට එක් වූ අතර එහිදී ආගමික වතාවත්වල නිරත වී ආශිර්වාද ලබා ගැනීමෙන් පසුව සදාතුක කරඩුව මංගල හස්ථිරාජයා මතට තැන්පත් කිරීමේ උතුම් අවස්ථාවට ද එක්විය.
සම්බුද්ධ ශාසනය ආරක්ෂක කිරීම රැක ගැනීම පුරවැසියන් වන සියලු දෙනාගේ වගකීම සහ යුතුකම බවත් එය රටේ උත්තරීතර නීතිය වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පවා පැහැදිලිව අන්තර්ගත බවත් සම්බුද්ධ ශාසනය සුරක්ෂා කර අනෙකුත් ආගම් හා ජාති වෙනුවෙන් වන ආරක්ෂණය සහ සුරක්ෂණය ලබා දෙමින් රටේම ඒකීයභාවය භෞමික අඛණ්ඩව ආරක්ෂා කරන්න කැපවෙන බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.
ලොව්තුරා බුදුරජාණන් වහන්සේගේ නිර්මල බුදුදහමේ විවිධ අවවාද උපදෙස් අනුගමනය කරන විට සුවපත් සශ්‍රීක දේශයක් බිහි කළ හැකි බවත් බුදුරජාණන් වහන්සේගේ දහම් පණිවිඩය පුරවැසි අප සියලු දෙනාටම වැදගත් බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් පැවසීය.




