හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් විපක්ෂයේ දේශපාලන පක්ෂ නියෝජිතයින් පිරිසක් අද සාකච්ඡාවක් කැඳවා තිබුණා. එම මාධ්‍ය සාකච්ඡාවට එක්වූ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කළේ ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක ඇති ගති ලක්‍ෂණ මැකී යන තත්ත්වයකට මේ වන විට පත්ව ඇති බවයි.

මෙම අවස්ථාවට එක්වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් සාගර කාරියවසම් මහතාද හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් අදහස් පළ කළා.