ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතා හදුනාගෙන නැවත ගොඩනැඟීමේ හදිසි අවශ්යඩතාව මත තවදුරටත් සහාය ලබා දීමට ඉන්දියාව කැපවී සිටින බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් මහතා පවසනවා.
ඒ අනුව ඇමරිකානු ඩොලර් මිලියන 450ක සහන පැකේජයක් ශ්‍රී ලංකාවට ලබාදීමට කටයුතු කරන බවයි ඔහු පැවසුවේ.
ඉන් ඩොලර් මිලියන 100ක් ඉන්දීය ආධාර වන අතර ඉතිරිය පහසු පොලී අනුපාතිකයක් මත ලබා දෙන ණය මුදලක් වනු ඇති.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ නායකත්වයෙන් ශ්‍රී ලංකාව ඉතා ඉක්මනින් යථා තත්ත්වයට පත්වනු ඇතැයි ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී මහතා ප්‍රමුඛ ඉන්දීය රජය විශ්වාස කරන බවයි ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා පැවසුවේ.
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීමේ වැඩපිළිවෙළ සමඟ ඉන්දියාව අන් කවරදාටත් වඩා ශක්තිමත්ව අත්වැල් බැඳගෙන සිටින බවද ඔහු ප්‍රකාශ කළා.
මෙරටට පැමිණ සිටින ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස්. ජයශංකර් මහතා සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතර හමුව අද පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්වුණා.
ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා සිය දෙදින ශ්‍රී ලංකා සංචාරය නිමා කර, ඔහු පැමිණි ඉන්දීය ගුවන් හමුදාවට අයත් විශේෂ ගුවන් යානයෙන්ම අද පස්වරුවේ සවස කටුනායක ගුවන් තොටුපොළෙන් පිටත්ව ගියා.
විදේශ කටයුතු අමාත්‍යවරයාට සමු දීම සදහා ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් සන්තෝෂ් ජා මහතා ඇතුළු එම කාර්යාලයේ නිලධාරීන් පිරිසක් සහ ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යංශයේ උසස් නිලධාරීන් පිරිසක් ද කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටි බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.
මේ අතර, සෑම අවස්ථාවකම ශ්‍රී ලංකාවට අවශ්‍ය සහාය ලබා දීමට චීනය කටයුතු කරන බව චීන කොමියුනිස්ට් පක්ෂයේ 20 වන මධ්‍යම කාරක සභාවේ සාමාජික සහ ඞස‘්බට ස්වයං පාලන කලාපයේ කොමියුනිස්ට් පක්ෂ කමිටුවේ ලේකම් උ්බට න්‍මබ‘යැබට මහතා පවසනවා.
චීන නියෝජිත පිරිසක් සමඟ මෙරට සංචාරයක නිරත උ්බට න්‍මබ‘යැබට මහතා අද ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමු වූ අවස්ථාවේදී මේ බව ප්‍රකාශ කළා.
ආපදාව හමුවේ චීනය ශ්‍රී ලංකාවට ලබා දුන් හදිසි සහ මානුෂීය ආධාර පිළිබඳව මෙහිදී ස්තූතිය පළ කළ ජනාධිපතිවරයා, මෙම අසීරු අවස්ථාවේ ශ්‍රී ලංකාව අතනොහැර යළි ගොඩනැඟීම වෙනුවෙන් ලබා දෙන අඛණ්ඩ සහාය ඇගයීමට ලක් කර තිබෙනවා.
එමඟින් දෙරට අතර දිගුකාලීන සමීප මිත්‍රත්වය තවදුරටත් ශක්තිමත් කරනු ඇති බවද ජනාධිපතිවරයා පෙන්වා දුන්නා.
ජන ජීවිතය යථා තතත්වයට ගෙන ඒම සහ ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් ආරම්භ කර ඇති රී බිල්ඩින් ශ්‍රී ලංකා වැඩපිළිවෙළ පිළිබඳ ජනාධිපතිවරයා මෙහිදී වැඩිදුරටත් චීන නියෝජිත පිරිස දැනුවත් කල බවයි ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ.







