රටට ආදරය කරන සෑම පුරවැසියෙකුම පරිසරය පිරිසිදුව තබා ගැනීමට ක්‍රියාකළ යුතු බව කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසනවා.

අයහපත් කාලගුණය හේතුවෙන් පීඩාවට පත් වූ ජනතාවට සෙත් පැතීමට සහ ජීවිත අහිමි වූ සියලු දෙනා වෙනුවෙන් කතෝලික ආගමික වතාවත් සිදුකිරීම සදහා ග්‍රෑන්ඩ්පාස් ශාන්ත ජෝෂප් දේවස්ථානයේ පැවති වැඩසටහනකට එක්වෙමින් කාදිල් හිමිපාණන් මෙම අදහස් පළ කළා.